Thursday, March 19, 2015

බේරෙන්න බෑ



රෙද්ද අස්සෙ කොච්චර හැන්ගුනත්
සීතලෙන් බේරෙන්න බෑ
අස්සෙන් හොයාගෙන එනවා
වද දෙනවා
.
.
.
උබෙන් මම කොච්චර හැන්ගෙන හැදුවත්
උබේ ලස්සන ඇස්
හුරතල් කතා,හුරතල් වැඩ
හිතට වද දෙනවා...
හිත වහන්න රෙද්දක් මදි
ගිනි ගොඩක් ඕනෙ!!!

Sunday, March 8, 2015

රැගෙන එන්න



මම තාම 
එතනමයි
නුඹ දීර්ඝ 
චාරිකාවක් අවසන
නැවත 
මා සොයා
එනතුරා...

අමතක නොකර
රැගෙන
එන්න
මගේ වියදම්
ඔබ 
නොගෙවා ගිය....

Thursday, March 5, 2015

මැහුම්



ජිවිතේ
වැරදුන
තැන්
ප්ලාස්ටර්
වලින් වහන්නෙ නැතිව
මැහුම්
දාල මහපන්!!!
හොද උනාට පස්සෙ
ගලවලා
දාන්න නෙමෙයි
ජිවිත
කාලෙටම
මතක හිටින්න!!

Tuesday, March 3, 2015

මෝඩයා




මෙරුවා,
තේරුමක් නැතිව
එලිය
වටේ කැරකිලා තටු
කඩා ගන්න
මෝඩයා......

මම,
තේරුමක් නැතිව
උබ
වටේ කැරකිල
හිත රිදෝ ගන්න
මෝඩයා.....

Sunday, March 1, 2015

බොරුකාරී



ඔව් 
උඹ බොරු කාරි...
ඔව් උඹ තමයි!
උඹේ බොරු වලට මම රැවටුනු තරම්
තේරුනේ නෑ! 
රැවටෙන බවක්!! 
දැනුනේම නැ බොරුවක් බවක්!!!
කොහොම කිව්වද කොහොම කරාද 
තාමත් 
හීනෙක වගේ මන්!! 
මොනව නැත්ත උඹ හොද 
බොරු කාරියක්!
අන්තිම මොහොත වෙනකන් අල්ලන්න බැරි........

Saturday, February 28, 2015

ආදර ත්‍රිකෝණයට එහා



මා අසන්නේ 
ඔබ ගැනයි
ඔබ කියන්නේ 
ඔහු ගැනයි....

මා සිතන්නේ 
ඔබ ගැනයි
ඔබ සිතන්නේ 
ඔහු ගැනයි....

ඔහු සිතන්නේ
ඔබ ගැන
නොව
ඈ ගැනයි....

Thursday, February 26, 2015

කේන්දරය

ඔබත් මාත් 
දුරද ලගද,
අපි අප 
වෙනුවෙන්මද,
අප එකට 
එක්ව 
විසිය යුතුද,
තීරණය ගන්නා
සටහනකි,
ඉරි කොටු පිරුණු....

Wednesday, February 25, 2015

ආදරය

ඔබයි මමයි
තනිව
මැව්ව ලෝකයක,
මම තනිව
හදපු
විසල් මැදුරක්,
ඔබ නොඑන
මම නොයන
එක් මංකඩක....